Author: hasithahands
•7:46 AM
    1982 අංක 35 දරණ ජාතික ශිල්ප සභා පනත යටතේ 1983 ජනවාරි 17 දින ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය ස්ථාපනය කරණ ලදී.
               ග්‍රාමීය කර්මාන්ත සහ ස්වයං රැකියා ප්‍රවර්ධන අමාත්‍යාශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය හෙවත් ඓතිහාසික කිර්ති නාමයකට උරුමකම් කියන ලක්සල හෙළ කලාකරුවා සහ පාරම්පරික කර්මාන්ත ආරක්ෂා කරමින් සංවර්ධනය කරන්නා වූ එකම රාජ්‍ය ආයතනයයි. ලක්සල ගෘහස්ත සහ ග්‍රාමීය මට්ටමේ නිෂ්පාදන ක්‍රියාවලියෙහි යෙදී සිටින 3500කට ආසන්න ව්‍යවසායකයින් සමග ඝෘජුවම බැදී ඇත. හෙළ කලාවන් ආරක්ෂා කරනු පිනිස වස් ඒ සදහා වූ සුවිශේෂී පුහුණු වැඩසටහන් මෙහෙයවමින් දේශිය සහ විදෙශිය වශයෙන් හස්ත කර්මාන්ත අලෙවිකරණයේ යෙදෙන එකම රාජ්‍ය ආයතනයද ලක්සල වේ. දිවයින පුරා විහිද යන්නාවු අලෙවි ශාඛා 10 ක් ද ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය මගින් පවත්වාගෙන යනු ලබයි

ශිල්පීය පුහුණු අංශය
කුඩා ග්‍රාමීය කර්මාන්ත අමාත්‍යාංශයට අයත් ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය මගින් පවත්වාගෙන යනු ලබන ශිල්පීය පුහුණු අංශයේ ප්‍රධාන කාර්යය වී ඇත්තේ රැකියා විරහිත තරුණ තරුණියන්ට හස්ත කර්මාන්ත ෙක්‍ෂ්ත්‍රයේ නව නිර්මාණයන් කිරීම සදහා අවශ්‍ය ප්‍රායෝගික පුහුණුව හා න්‍යයායාත්මක දැනුම ලබාදීම සම්ප්‍රදායික හස්ත කර්මාන්ත නිරමාණයන් නව වෙළදපොලට අවශ්‍ය වන පරිදී නවීකරණය කිරීම අවශ්‍ය දැණුම ලබාදීම හා පුහුණු වැඩමුඵ හා සම්මන්ත්‍රණ පැවැත්වීම තුලින් හස්ත කර්මාන්ත ෙක‍ෂ්ත්‍රයට අවශ්‍ය වන කලා ශිල්පීන් පුහුණු කිරීමය.

පාසැල් හැර යන්නන්ට හස්ත කර්මාන්ත ෙක‍ෂ්ත්‍රයේ ස්වයං රැකියාවන් උත්පාදනය කොට ඒවා කුඩා ව්‍යාපාරයන් ලෙස පවත්වාගෙන යාම පිළිබදවද දැනුවත් කිරීම මෙහිදී ප්‍රධාන වශයෙන් සිදුකෙරෙ.

විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශවල අඩු ආදායම් ලබන පිරිස් මෙම ශිල්පීය පුහුණු මධ්‍යස්ථානයන් වෙත පැමිණි අතර ඔවුනට පන් හා කෙදි ආශ්‍රීත භාණ්ඩ, ලී කැටයම්, බීරලු, රෙන්ද, මැටි භාණ්ඩ, උණබට හා වෙවැල්, පල්ප් විසිතුරු භාණ්ඩ,කළාත්මක කෘතීම මල් ආදී ෙක‍ෂ්ත්‍රයන් හී පුහුණුව ලබාදී එමගින් ස්වයං රැකියා මාර්ග වලට යොමු කරවනු ලැබීය.

වර්තමාන සමාජීය පරිසර හිතකාමී නිෂ්පාදනයන්ට දක්වන වැඩි රුචිකත්වය නිසා දේශීය හස්ත කර්මාන්ත සදහා හොද වෙළදපොළක් ඇති වීමේ ප්‍රවණතාවයක් දක්නට ඇත. මෙනිසා ලාංකීය හස්ත කර්මාන්තකරුවන් තම තමනගේ කර්මාන්තයන් දියුණුකර ගැනීම සදහා අවශ්‍ය ක්‍රමාණුකූල පුහුණුව හා කාරමික ඥානය ලබා ගැනීම ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලයේ ශිල්පීය පුහුණු අංශයෙන් නිතතින්ම බලාපොරොත්තු වේ.



ශිල්ප පුහුනු අංශය

නාලිකා විඡේසේකර මිය. විධායක අධ්‍යක්ෂිකා. 011-2386275
– ඡයන්ති ලේඛම්ගේ මිය. සහකාර අධ්‍යක්ෂිකා. 011-2632402
– කේ.ඩී අබේවර්ධන මහතා. සහකාර අධ්‍යක්ෂක. 091-2244132

                                                               (ලක්සල වෙබ් පිටුව ඇසුරෙනි)
|
This entry was posted on 7:46 AM and is filed under . You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

0 comments: