Author: hasithahands
•10:29 AM
මම මේ පිංතූරය දැක්කෙ මේ ඉරිදා සිළුමිණ පත්තරෙන්. ගොඩක් දුක හිතෙන පංතූරයක් නේද? ඇත්තටම මගේ ඇස් දෙකට කඳුළු ඉනුවා. ලියන්න නම් ඕන තරම් අදහස් ආවා, ඒත් ඊට කලින් ඔයාගෙ අදහසුත් දැනගන්න කැමතියි.

Author: hasithahands
•9:49 AM
ඔන්න ඉතින් අද මම කියන්න යන්නෙ තවත් අලුත්ම කලාවක් ගැනයි. හැබැයි ඉතින් ලංකාවෙ නම්  නෙමෙයි. ජපානෙ ගොවියො පිරිසක් තමා මේ නිර්මාණාත්මක  වැඩේට අත ගහල තියන්නෙ. කලාත්මක දෙයක් ඉතින් කොහේ උනත් අගය කරන්න ඕනනෙ. සැලසුම්කරණයත් එකමුතු කමත්  කලාවකට කොච්චර දුරට වැදගත් කාරණයක්ද කියල මේක බලලම හිතා ගන්නකෝ.
මේ තියන්නෙ කට්ටිය කුඹුරට බැහැල වැඩේ පටන් ගත්ත හැටි. 
වැඩේ ඉතින් හරියටම කරන්න ඕන. නැත්නම් ඉතින් පිංතූරය කැත වෙනවනෙ.
හරි දැන් හරියට වපුරලත් ඉවරයි කියමුකො.
 
දැන් ඉතින් වපුරපු වී ටික ටික පැල වේගෙන එනව.

  ලස්නයි නෙ? කොච්චර ඉවසීමෙන් කරන්න ඕන වැඩක්ද. වැදගත්ම දේ තමා වර්ණ ලබා ගැනීමට ස්භාවික වී පැලම අරගෙන තියෙන එක. පාට පාට වී පැල දැකල තියෙනවද? මේ තියන්නෙ ඒවා තමා.

ජපන ඉතින් දක්ෂය තමා . ඒත් අපිටත් උත්සහ කලොත් බැරි වෙන එකක් නෑ . මේ තියන්නෙ ඒ වදිහට කරපු
තවත් කුඹුරු වල පිංතූර ටිකක්.. ලංකාවෙත් දැන් පාට වෙනස් කොළ තියෙන වී වර්ග මම දැකල තියෙනව.     ඊලග  කන්නෙදි උත්සහ කරල බලමු ...

Author: hasithahands
•7:46 AM
අපි ඉතින් හැමදාම ප්ලග් ගලවනව ගහනවනෙ. ඒත් මේක අලුත්ම තාලෙ ප්ලග් එකක්.  මට මේ ගැන කිව්වෙ අපේ අයියා කෙනෙක් .  වයර් හැමතැනම පටලව ගත්තහම හරිම වදයක්  ඒත් මේක ඒකට හොද  විසදුමක්.

සාමාන්‍යෙයෙන් තුන් කූරැ ප්ලග් එකක් නිසා අපතෙ යන ඉඩ මේක නිසා ඉතුරැයි. ඊටත් වඩා වාසියක් තියෙනවා ඒක තමා මේකට එන මල්ටි ප්ලග් එක.
දැන්  ප්ලග් තුනක්ම එකම පලග් එකෙන් භාවිතා කරන්න පුලුවන් වෙන ලොකු වාසියක්. දැන් ඉතින් ප්ලග් පොයින්ට්  පේලි පිටින් එල්ලගෙන ඉදපු කාලෙ ඉවරයි. 

Author: hasithahands
•10:34 AM
මට මේ ගැන දැනගන්න ලැබුනෙ යාලුවෙකුගෙන් ලැබුණ ඊ ලිපියකින්. පර්න්ෂ නැව් සමාගමක් තමා  වැඩේට අත ගහල තියන්නෙ. ඇත්තටම පාවෙන ගෙයක් වගේ . තාම ඉතින් ව්‍යාපරැතියක් විතරයිලු.
මීටර් 60x40 විතර සයිස්ලු. වර්ග මීටර් 3400 විතර ඉඩකුත්  , 32කුට විතර පහසුවෙන් යන්නත් පුලුවන් විදිහට තමා හදන්න යන්නෙ.
                                                                                 
 වැදගත්ම දෙ තමා සූර්ය කෝෂ භාවිතාව නිසා ඉන්ධන 50% ඉතිරි වෙන එක.වර්ග මීටර් 900 ක සූර්ය කෝෂ වලින් දිනකට 500 kw විදුලියක් නිපදවනවලු.
අධි සුපෝගබෝගී ලෙස තමා හදන්නෙ. කවදා හරි මුහුදු මට්ටම ඉහල ගියොත් මේක හොද විසදුමක් තමා සල්ලි තියෙනව නම්........මේ තියෙන්නෙ තවත් පිංතූර ටිකක්.