Author: hasithahands
•9:45 AM
මටත් මගේ යාලුවෝ කට්ටියටත්  පහුගිය දිනයක හෝටන් තැන්නේ කදවුරු දිනයක් ගත කරන්න අදහසක් ආවා.
වැඩේ නම් ටිකක් අමාරු උනත් හොද අත්දැකීමක් උනා.
 මේ තියන්නේ කදවුරු  බිම අංක 3.
හ්ම්! තැන නරකමත් නෑ නේ?
ගමන ටිකක් අමාරු  උනත් උත්සහය සාර්ථක උනා.
රැය නම් ගොඩක් සීතල උනා. අවැසි සියලුම දේ අරගෙන ගිය නිසා ගොඩක් ලේසි උනා.
සාර්ථක කදවුරක අවසානය. මේ වාඩි වෙලා ඉන්නේ මම.
පා සටහන් පමණක් ඉතිරි කරමින් පිටත් උනා.
ඇත්තටම අපූරු  අත්දැකීමක් වින්දා.
මේ විදියට ලෙයිස්තුවක් තිබුණහම වැඩේ ලේසියි.
|
This entry was posted on 9:45 AM and is filed under . You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

6 comments:

On September 27, 2010 at 9:47 AM , Anonymous said...

elane macho . niyamai kohomada awasara gatte?

 
On September 27, 2010 at 9:36 PM , Sasika Nanayakkara said...

තව පොඩ්ඩක් විස්තර දාන්නකො

 
On September 27, 2010 at 9:50 PM , hasithahands said...

හොදයි තව විස්තර ටිකක් දාන්නම්කෝ

 
On September 27, 2010 at 11:34 PM , hasithahands said...

මුලින්ම department of wild life එකෙන් කදවුරැ බිමක් වෙන් කර ගන්න ----- දුර අංක 0112888585 අඩු ගානේ සතියකට කලින් වෙන් කර ගන්න.
ගාන නම් ටිකක් සැරයි පැය 24 ට 2500/= විතර යනවා.

කූඩාරම් අවශය නම් wildlife trust එකෙන් ගන්න පුලුවන්.
දවසකට කුලිය 850/= මේට්රස් උනත් එතන තියෙනවා.0112809891

හෝටන් තැන්න වනජීවී කාර්යාලය 0523539042

සීතලට අවශය ඇදුම්,වැසි ආවරණ, උදුන්,ආදිය අනිවාරෙන් අරගෙන යන්න අමතක කරන්න එපා. කදවුරකට අවැසි බඩු තියෙන ලිස්ට් එකක් මම post එකට ලින්ක් කරන්නම්.

 
On September 28, 2010 at 12:13 AM , Sasika Nanayakkara said...

නියමයි.ඉතුරු විස්තර ටිකත් දාන්න.යාළුවෝ 4ක් විතර සෙට් කරගෙන යන්න ඔනේ.

 
On September 28, 2010 at 1:40 AM , hasithahands said...

තමන්ගෙම වාහනයක් නම් වඩාත් හොදයි. දවසක් ඉන්නත් ඕන නිසා. පොලීතින් ගිනියන්න නම් එයාල අවසර දෙන්නෙ නෑ. කදවුරැ නිසා පොඩි අවස්ථාවක් තියෙනවා. ඒත් අපි අඩුම ගානෙ හෝටන් තැන්නවත් පොලිතීන් නැති තැනක් කරමු. අවිස්සාවේල්ල-කිතුල්ගල-හැටන්-නානුඔය-බ්ලැක් පූල්- අඹේවෙල- පට්ටිපොල හරහා තමයි අපි ගියේ. ඔහිය හරහාත් එන්න පුලුවන්. කදවුරැ බිමක ඉන්න දෙන්නේ 10 ට විතරයි. ගිණිමැල , සිංදු, මත්පැන් බෑ . වැසිකිලි පහසුකම් කදවරැ බිම් තුනේම තියෙනවා. ඒ නැතත් ගැටලුවක් නෑ.... වැස්ස අඩු කාලයක් නම් ගොඩක් හොදයි.