Author: hasithahands
•10:29 AM
මම මේ පිංතූරය දැක්කෙ මේ ඉරිදා සිළුමිණ පත්තරෙන්. ගොඩක් දුක හිතෙන පංතූරයක් නේද? ඇත්තටම මගේ ඇස් දෙකට කඳුළු ඉනුවා. ලියන්න නම් ඕන තරම් අදහස් ආවා, ඒත් ඊට කලින් ඔයාගෙ අදහසුත් දැනගන්න කැමතියි.
|
Author: hasithahands
•9:49 AM
ඔන්න ඉතින් අද මම කියන්න යන්නෙ තවත් අලුත්ම කලාවක් ගැනයි. හැබැයි ඉතින් ලංකාවෙ නම් නෙමෙයි. ජපානෙ ගොවියො පිරිසක් තමා මේ නිර්මාණාත්මක වැඩේට අත ගහල තියන්නෙ. කලාත්මක දෙයක් ඉතින් කොහේ උනත් අගය කරන්න ඕනනෙ. සැලසුම්කරණයත් එකමුතු කමත් කලාවකට කොච්චර දුරට වැදගත් කාරණයක්ද කියල මේක බලලම හිතා ගන්නකෝ.
මේ තියන්නෙ කට්ටිය කුඹුරට බැහැල වැඩේ පටන් ගත්ත හැටි.
වැඩේ ඉතින් හරියටම කරන්න ඕන. නැත්නම් ඉතින් පිංතූරය කැත වෙනවනෙ.
හරි දැන් හරියට වපුරලත් ඉවරයි කියමුකො.
දැන් ඉතින් වපුරපු වී ටික ටික පැල වේගෙන එනව.
ලස්නයි නෙ? කොච්චර ඉවසීමෙන් කරන්න ඕන වැඩක්ද. වැදගත්ම දේ තමා වර්ණ ලබා ගැනීමට ස්භාවික වී පැලම අරගෙන තියෙන එක. පාට පාට වී පැල දැකල තියෙනවද? මේ තියන්නෙ ඒවා තමා.
ජපන ඉතින් දක්ෂය තමා . ඒත් අපිටත් උත්සහ කලොත් බැරි වෙන එකක් නෑ . මේ තියන්නෙ ඒ වදිහට කරපු
තවත් කුඹුරු වල පිංතූර ටිකක්.. ලංකාවෙත් දැන් පාට වෙනස් කොළ තියෙන වී වර්ග මම දැකල තියෙනව. ඊලග කන්නෙදි උත්සහ කරල බලමු ...
|
Author: hasithahands
•7:46 AM
අපි ඉතින් හැමදාම ප්ලග් ගලවනව ගහනවනෙ. ඒත් මේක අලුත්ම තාලෙ ප්ලග් එකක්. මට මේ ගැන කිව්වෙ අපේ අයියා කෙනෙක් . වයර් හැමතැනම පටලව ගත්තහම හරිම වදයක් ඒත් මේක ඒකට හොද විසදුමක්.
සාමාන්‍යෙයෙන් තුන් කූරැ ප්ලග් එකක් නිසා අපතෙ යන ඉඩ මේක නිසා ඉතුරැයි. ඊටත් වඩා වාසියක් තියෙනවා ඒක තමා මේකට එන මල්ටි ප්ලග් එක.
දැන් ප්ලග් තුනක්ම එකම පලග් එකෙන් භාවිතා කරන්න පුලුවන් වෙන ලොකු වාසියක්. දැන් ඉතින් ප්ලග් පොයින්ට් පේලි පිටින් එල්ලගෙන ඉදපු කාලෙ ඉවරයි.
|
Author: hasithahands
•10:34 AM
මට මේ ගැන දැනගන්න ලැබුනෙ යාලුවෙකුගෙන් ලැබුණ ඊ ලිපියකින්. පර්න්ෂ නැව් සමාගමක් තමා වැඩේට අත ගහල තියන්නෙ. ඇත්තටම පාවෙන ගෙයක් වගේ . තාම ඉතින් ව්යාපරැතියක් විතරයිලු.
මීටර් 60x40 විතර සයිස්ලු. වර්ග මීටර් 3400 විතර ඉඩකුත් , 32කුට විතර පහසුවෙන් යන්නත් පුලුවන් විදිහට තමා හදන්න යන්නෙ.
වැදගත්ම දෙ තමා සූර්ය කෝෂ භාවිතාව නිසා ඉන්ධන 50% ඉතිරි වෙන එක.වර්ග මීටර් 900 ක සූර්ය කෝෂ වලින් දිනකට 500 kw විදුලියක් නිපදවනවලු.
අධි සුපෝගබෝගී ලෙස තමා හදන්නෙ. කවදා හරි මුහුදු මට්ටම ඉහල ගියොත් මේක හොද විසදුමක් තමා සල්ලි තියෙනව නම්........මේ තියෙන්නෙ තවත් පිංතූර ටිකක්.
|
Author: hasithahands
•7:46 AM
1982 අංක 35 දරණ ජාතික ශිල්ප සභා පනත යටතේ 1983 ජනවාරි 17 දින ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය ස්ථාපනය කරණ ලදී.
ග්‍රාමීය කර්මාන්ත සහ ස්වයං රැකියා ප්‍රවර්ධන අමාත්‍යාශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය හෙවත් ඓතිහාසික කිර්ති නාමයකට උරුමකම් කියන ලක්සල හෙළ කලාකරුවා සහ පාරම්පරික කර්මාන්ත ආරක්ෂා කරමින් සංවර්ධනය කරන්නා වූ එකම රාජ්‍ය ආයතනයයි. ලක්සල ගෘහස්ත සහ ග්‍රාමීය මට්ටමේ නිෂ්පාදන ක්රියාවලියෙහි යෙදී සිටින 3500කට ආසන්න ව්‍යවසායකයින් සමග ඝෘජුවම බැදී ඇත. හෙළ කලාවන් ආරක්ෂා කරනු පිනිස වස් ඒ සදහා වූ සුවිශේෂී පුහුණු වැඩසටහන් මෙහෙයවමින් දේශිය සහ විදෙශිය වශයෙන් හස්ත කර්මාන්ත අලෙවිකරණයේ යෙදෙන එකම රාජ්‍ය ආයතනයද ලක්සල වේ. දිවයින පුරා විහිද යන්නාවු අලෙවි ශාඛා 10 ක් ද ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය මගින් පවත්වාගෙන යනු ලබයි
ශිල්පීය පුහුණු අංශය
කුඩා ග්‍රාමීය කර්මාන්ත අමාත්‍යාංශයට අයත් ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය මගින් පවත්වාගෙන යනු ලබන ශිල්පීය පුහුණු අංශයේ ප්‍රධාන කාර්යය වී ඇත්තේ රැකියා විරහිත තරුණ තරුණියන්ට හස්ත කර්මාන්ත ෙක්ෂ්ත්රයේ නව නිර්මාණයන් කිරීම සදහා අවශ්‍ය ප්‍රායෝගික පුහුණුව හා න්‍යයායාත්මක දැනුම ලබාදීම සම්ප්‍රදායික හස්ත කර්මාන්ත නිරමාණයන් නව වෙළදපොලට අවශ්‍ය වන පරිදී නවීකරණය කිරීම අවශ්‍ය දැණුම ලබාදීම හා පුහුණු වැඩමුඵ හා සම්මන්ත්රණ පැවැත්වීම තුලින් හස්ත කර්මාන්ත ෙකෂ්ත්‍රයට අවශ්‍ය වන කලා ශිල්පීන් පුහුණු කිරීමය.
පාසැල් හැර යන්නන්ට හස්ත කර්මාන්ත ෙකෂ්ත්‍රයේ ස්වයං රැකියාවන් උත්පාදනය කොට ඒවා කුඩා ව්‍යාපාරයන් ලෙස පවත්වාගෙන යාම පිළිබදවද දැනුවත් කිරීම මෙහිදී ප්‍රධාන වශයෙන් සිදුකෙරෙ.
විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශවල අඩු ආදායම් ලබන පිරිස් මෙම ශිල්පීය පුහුණු මධ්‍යස්ථානයන් වෙත පැමිණි අතර ඔවුනට පන් හා කෙදි ආශ්‍රීත භාණ්ඩ, ලී කැටයම්, බීරලු, රෙන්ද, මැටි භාණ්ඩ, උණබට හා වෙවැල්, පල්ප් විසිතුරු භාණ්ඩ,කළාත්මක කෘතීම මල් ආදී ෙකෂ්ත්‍රයන් හී පුහුණුව ලබාදී එමගින් ස්වයං රැකියා මාර්ග වලට යොමු කරවනු ලැබීය.
වර්තමාන සමාජීය පරිසර හිතකාමී නිෂ්පාදනයන්ට දක්වන වැඩි රුචිකත්වය නිසා දේශීය හස්ත කර්මාන්ත සදහා හොද වෙළදපොළක් ඇති වීමේ ප්‍රවණතාවයක් දක්නට ඇත. මෙනිසා ලාංකීය හස්ත කර්මාන්තකරුවන් තම තමනගේ කර්මාන්තයන් දියුණුකර ගැනීම සදහා අවශ්‍ය ක්රමාණුකූල පුහුණුව හා කාරමික ඥානය ලබා ගැනීම ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලයේ ශිල්පීය පුහුණු අංශයෙන් නිතතින්ම බලාපොරොත්තු වේ.
ශිල්ප පුහුනු අංශය
නාලිකා විඡේසේකර මිය. විධායක අධ්‍යක්ෂිකා. 011-2386275
– ඡයන්ති ලේඛම්ගේ මිය. සහකාර අධ්‍යක්ෂිකා. 011-2632402
– කේ.ඩී අබේවර්ධන මහතා. සහකාර අධ්‍යක්ෂක. 091-2244132
(ලක්සල වෙබ් පිටුව ඇසුරෙනි)
|
Author: hasithahands
•9:53 AM
http://www.idb.lk/AdPage/Handicraft/hasithahandicraft.html
මෙම ULR එක මගින් අපගෙ නිෂ්පාදන ගැන තව විස්තර ඔයාට බලාගන්න පුලුවන්
|
Author: hasithahands
•10:01 AM

හසිත හස්ත කර්මාන්තායතනය ඹබව සාදරයෙන් පිළිගනියි! ලංකාවේ ප්රමුඛ පෙලේ ආයතනයක් වන අප තත්වයෙන් උසස් හස්ත කර්මාන්ත නිර්මාණ නිපදවන අතර , පරිසර හිතකාමී ලෙස නව ආරකින් යුතුව භාණ්ඩ වෙළදපලට ඉදිරිපත් කරයි.
|