Author: hasithahands
•8:59 AM
අපිට අපේ සම පොඩ්ඩක් හරි තුවාල උනොත් කොච්චර අමාරුද?
ඒත් මෙයාල නම් පිටේ කැටයම් උනත් කොටනව ලේසියෙන්ම..
බලන්න මේ පිංතූර ටික ....
කොහොම හරි අමාරුවෙන් කැටයම කැපුව කියමුකො...
හ්ම්! නරකමත් නෑ නේද වැඩේ...
බලන්නකෝ මේකත් , තුවාලය හොදටම හොද උනාම ලස්සනයි නේ...
ලංකාවටත් ලගදිම එයි. අලුත්ම ටැටූ කලාවක්නේ....
පිංතූර පොතක් වගේ සම තියාගන්න ආස අයට නම් මේක හොද ආරංචියක් වෙයි.
අලුත් කලාත්මක දෙයක් නිසා මේක දැම්මෙ....
ඔයාලට හිතෙන දේත් ලියල යන්න අමතක කරන්න එපා..
|
Author: hasithahands
•7:35 AM
බලු පැටියා වෙනුවෙන් දිවි දෙයි ^ලංකාදීප ඇසුරෙනි&
ගිනිගත් දහයියා ගොඩකට වැටීමට ගිය බලු පැටවෙකු බේරා ගැනීමට ගිය දස හැවිරිදි දැරියක පිලිස්සුම් තුවාල ලබා මියගිය බව අගුණකොළපැලැස්ස පොලීසියෙන් වාර්තා වේ'
මියගිය සදුනි නිමන්තිකා සමග බලු පැටවා බේරා ගැනීමට ගිය තවත් දැරියක්ද පිලිස්සුම් තුවාල ලබා රෝහල් ගත කර ඇත'
බලන්න කොච්චර සංවේදී කතාවක්ද කියල නේද? පණ උනත් දෙන යාලුවො තාමත් මේ ලෝකේ ඉන්නව නේද?
|
Author: hasithahands
•8:53 AM
ඔබේ රුව නෙත් වලට නොපෙනී
කාලයක් කල්පයක් ගෙවුනා....
යළිදු හමුවන පැතුම් ඉපදී
ඉටු නොවී මුව සුසුම් නැගුනා...
නමුදු ඔබ වෙනස් වී බව
සිතා ගන්නට බැරිව ගියා.....
|
Author: hasithahands
•1:11 AM
අද ඉතින් අපේ කොල්ලන්ගෙ T20-20 පලමු තරගය නවසීලන්තයත් එක්කනෙ.
රෑ 10 වෙනකන් ඉන්න එපෑ ඉතින් . හොද තරගයක් තියෙයි.
ඔන්න ඉතින් මගෙන් උනුසුම් සුභ පැතුම්....
|
Author: hasithahands
•12:25 AM
මේ දෙන්නව හමු වෙලා තියන්නෙ ඉතාලියෙන්.
ලෝකෙ මේ වගේ නොදුටු කථා කොච්චර ඇද්ද?
|
Author: hasithahands
•9:34 AM
ලෝකෙම ලොක්කා ඉතින් බැරැක් ඔබාමා කියල කිව්වොත් හරිනෙ. ඔන්න ඉතින් මෙයාගෙ Twitter ගිණුමට ප්රන්ශ ජාතික තරුණයෙක් අණවසරයෙන් ඇතුල් වෙලා.
රහස් පදය හිතල තමා ගහල තියන්නෙ.මේ වගේම බිරිට්නි ගෙත් ගිනුමට රිංගල.
නියම වැඩ කාරයෙක් තමා. කොහොම හරි ඔබාමා නම් හරිම අසීරුවට පත්වෙලා තියෙනව. අන්තිමේදි FBI එකෙන් තමා ගිය මාසෙ මෙයාව අල්ලගෙන තියන්නෙ.රැකියා විරහිතව තමා ඉදල තියන්නෙ.අන්තිමට අවුරුදු දෙකක් වත් හිරේ තපින්න වෙයි වගේ ආරංචියෙ හැටියට...
|
Author: hasithahands
•9:52 AM
අවුරුද්දක වෙනස
ගිය අවුරුද්දෙ මොකද උනේ කියල මතකද?
ගිය අවුරුද්දෙ මේ දවස් වල වෙච්ච දේවල් සමහර විට දැන් අමතක වෙලත් ඇති.
මේ ඉන්නෙ මේජර් ජෙනරාල් ශවේන්ද සිල්වාගෙ 58 සේනාංකයේ
අපේ කොල්ලො ටිකක්...
මතකද? මෝටාර් එකකින් කොටි කටේ කොකිස් උයපු හැටි පුදුකුඩුඉරිප්පුවේදි....16 වෙනිදා..
මව්බිම වෙනුනේ දිවිපිදූ සහ ලේ හැලු සියලුම විරුවන්ට උපහාරයක්ම වේවා...
රණබිම මරුණේ සිංහලයකු නම්,
ලේ පැල්ලම් නැහැ පිට පැත්තේ.................
පිංතූරය- රුක්මාල් ගමගේ
|