Author: hasithahands
•1:11 AM
  අද ඉතින් අපේ කොල්ලන්ගෙ  T20-20 පලමු තරගය නවසීලන්තයත් එක්ක‍නෙ.
රෑ 10 වෙනකන් ඉන්න එපෑ ඉතින් . හොද තරගයක් තියෙයි.       
ඔන්න ඉතින් මගෙන් උනුසුම් සුභ පැතුම්....      
Author: hasithahands
•12:25 AM
මේ දෙන්නව හමු වෙලා තියන්නෙ ඉතාලියෙන්.
ලෝකෙ මේ වගේ නොදුටු කථා කොච්චර ඇද්ද?

Author: hasithahands
•9:34 AM
ලෝකෙම ලොක්කා ඉතින් බැරැක් ඔබාමා කියල කිව්වොත් හරිනෙ. ඔන්න ඉතින් මෙයාගෙ Twitter ගිණුමට ප්රන්ශ ජාතික තරුණයෙක් අණවසරයෙන් ඇතුල් වෙලා.

රහස් පදය හිතල තමා ගහල තියන්නෙ.මේ වගේම බිරිට්නි ගෙත්  ගිනුමට රිංගල.
නියම වැඩ කාරයෙක් තමා. කොහොම හරි ඔබාමා නම් හරිම අසීරුවට පත්වෙලා තියෙනව. අන්තිමේදි FBI එකෙන් තමා  ගිය මාසෙ මෙයාව අල්ලගෙන තියන්නෙ.රැකියා විරහිතව තමා ඉදල තියන්නෙ.අන්තිම‍ට අවුරුදු දෙකක් වත් හිරේ තපින්න වෙයි වගේ ආරංචියෙ හැටියට...


Author: hasithahands
•9:52 AM
අවුරුද්දක වෙනස
ගිය අවුරුද්දෙ මොකද උනේ කියල මතකද?
ගිය අවුරුද්දෙ මේ දවස් වල වෙච්ච දේවල් සමහර විට දැන් අමතක වෙලත් ඇති. 
මේ ඉන්නෙ මේජර් ජෙනරාල් ශවේන්ද සිල්වාගෙ 58 සේනාංකයේ
අපේ කොල්ලො ටිකක්...
මතකද? මෝටාර් එකකින් කොටි කටේ කොකිස් උයපු හැටි පුදුකුඩුඉරිප්පුවේදි....16 වෙනිදා..
මව්බිම වෙනුනේ දිවිපිදූ සහ ලේ හැලු සියලුම විරුවන්ට උපහාරයක්ම වේවා...
රණබිම මරුණේ සිංහලයකු නම්,
               ලේ පැල්ලම් නැහැ පිට පැත්තේ.................

පිංතූරය- රුක්මාල් ගමගේ

Author: hasithahands
•11:45 AM
                                                                            
මේ දවස් වල ඉතින් හරියට ගොරවනවනෙ. මේ ගැන විස් ටිකක් ලැබුනා. ඔයාලත් කියවල බලන්න.
              වළාකුලේ සිට පොළවට සේන්දුවන විදුලි ආරෝපන පොළවට සම්බන්ධ
වස්තුවකට ආසන්න වත්මල ඉහළට ගලායන ප්‍රබල විදුලි උත්සර්ජනය අකුණක් ලෙස
අපට පෙනේ. මෙකී සම්බන්ධ වන මාර්ගයට උදව්වක් නොවී වැඩිම අවදානම මග
හරින්නට නම්,
               - එළිමහනේ
               - විශේෂයෙන් උස ගස් යට හෝ ඒ ආසන්නයේ
               - උස් බිම් හෝ කදුවල හෝ ආසන්නයේ හෝ
               - ගංගා ඇල-දොල වැනි ජලාශ තැන් වල ඉන්න එපා
             
 ගිගුරුම් කුණාටුවක් ලං වෙද්දී පිළිපැදිය යුතු කරුණු
• පෙනෙන අකුණු එළියත් ඇසෙන ගිගුරුම් හඩත් අතර තත්පරවලින් කාලය
15ට වඩා අඩුනම් දැඩි අවදානමක් ඇති බව දැනගන්න.

• හැකි සෑම විදුලි උපකරණයක්ම පේනු වලින් ගලවා පාවිච්චියෙන් වලකින්න.

(රූපවාහිනී ඇන්ටෙනා අග්‍රය ගලවා මුලුමනින්ම ගෙයින් පිටතට දමන්න).

• හදිසි අවස්ථාවකදී පමණක් දුරකථනය පාවිච්චි කරන්න.

• නෑමෙන් ( වතුර මලෙන්) වලකින්න.

• සම්පීඩකයට අමතර භාරයක් ඇතිවිය හැකි බැවින් වායු සමීකරණ විසන්ධි
 කරන්න.

• අශ්වයින් පිට යාම බයිසිකල් පැදීම හා විවෘත වාහනවල යෑමෙන් වලකින්න.

-ඔබගෙ නිවස හෝ තදාසන්නය අකුණු සැර වලට තදින් ගොදුරු වේ නම්

• ගොඩනැගිල්ල/නිවස තුළ ඇදක දිගාවී සිටින්න.

• ආසන්නයේ උස ගස් හෝ ලෝහමය සැකිලි ඉවත් කරන්න.

• පරතිරෝධය ඕම් 10 ට අඩු හොද අකුණු සන්නායකයක් සවි කර ගන්න.

-ඔබ එළිමහනේ සිටියදී අකුණු ඇති වේ නම්

                            - වහාම ගොඩනැගිල්ලකට හෝ වාහනයකට යන්න.

                            - (විශේෂයෙන් උස තනි) ගස් කම්බි වැටවල් හෝ කණුවලින් ඈත් වූමිටි
                               ස්ථානයකට යන්න (ජලය ගැලීමෙන් යට නොවන).

                            -  කැලයක සිටින්නේ නම් කුඩාම ගස් සෙවනට යන්න.

                            - හිසකෙස් කෙලින් වන හෝ සම තුල කෙවෙන ගතියක් දැනේ නම්ල පයේ
                               ඇගිලි තුඩු වලින් පමණක් ඇණතියා ගෙන දෑත් දණ හිස් මත තබා ඒ අතර හිස 
                               සිටින සේ පහත් වී වාඩිවන්න(මෙසේ ඔබ අකුණකට කුඩාම ඉලක්කයක් වී පොළව
                               සමග අවම සබදතාවයක් ඇතිකර ගතයුතු ය).

                            - බෝට්ටුවක හෝ පිහිනීමෙ යෙදී සිටී නම් වහාම ගොඩබිමට විත් ආරක‍ෂක ස්ථානයකට
                               යන්න.

                            - තදින් වහින විට වාහනයක ගමනේ නම් පාර අයිනේ ගස් වලින් ඈත්ව නවතා රිය තුලම
                               සිටින්න.
                                                                                   
මිත්‍යාව නොව සැබෑව
• වැසි නොමැතිව වුවද වැසි ප්‍රදේශයකින් කි. මී. 15 ක් පමණ ඈතින් වුවද අකුණු සැර වැදිය හැක (පොළවට පතිත නොවී වාෂ්පවී යන වැසි ඇතිවෙනව.

• රබර් සෙරෙප්පුවකින් හෝ වාහනයක රබර් ටයර නිසා අකුණු වලින් ආරක‍ෂාවක් නොලැබෙයි. කෙසේ වුවත් ලෝහමය කොටස් අත නොගා සිටින්නේ නම් වාහනයක් තුල සිටීම වඩාත් ආරක‍ෂාකාරීය.

• අකුණු සැර වැදුනු අයෙකුගේ ආරෝපනයක් නැත. ඔවුනට ප්‍රථමාධාර දීමට වහාම උත්සුක වන්න. හදිසි වෛද්‍ය උපදෙස් ලබාදෙන්න.
 තාවකාලික අප්‍රාණික ගතියක් නම් ශරීරය සම්බාහනය (මසාජ්)කරන්න.

-  හුස්ම ගැනීම නතරවී ඇත්නම් කෘත්‍රිම ශ්වසනය ලබා දෙන්න. හෝ මෙම ක්‍රම දෙකම අනුගමනය කරන්න.

ස්වාභාවික විපත් සම්බන්ධයෙන් අපට කලහැක්කේ පෙර - සූදානමකින් අනතුරු අවම කර ගැනීම පමණක් නිසාල ඒ සම්බන්ධයෙන් වූ මූලික කරුණු මෙන්ම ඉන් වැලකි මේ මාර්ග ද අප සැමදෙනාම දැන සිටිය යුතුය.

අප දත යුතු දේ

• සාමාන්‍යයෙන් අකුණු ඇති වන්නේ අපර භාගයේ 3 ත් 6ත් අතර වන අතර උපරිමය පස්වරු 4 ට පමණය

• වළාකුලක් හා පොළව අතර සාමාන්‍ය විභව අන්තරය වෝල්ට් මිලියන 100 ක් පමණ ද  අකුණු පහරක සාමාන්‍ය ධාරාව ඇම්පියරA 25000 ක් පමණ ද වෙයි.

• සාමාන්‍ය විදුලි කෙටීමක ශක්තියෙන් වොට් 100 ක විදුලි බල්බයක් මාස 3 කට වඩා නොකඩවා දැල් වියහැක.

• විදුලි කෙටීම නිසා රත්වන වාතයේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 25000 ක් පමණ වෙයි. මෙය සූර්යාගේ මතුපිට උෂ්ණත්වයට ( අංශක 5500) වඩා ඉතා වැඩිය.

• ක‍ෂණික රත්වීමත්ල සිසිල් වීමත් නිසා වාත තට්ටු වල ඇතිවන කම්පන තරංග හේතුවෙන් ගිගුරුම් ඇතිවෙයි.

• ගිගුරුම්-කුණාටුවක් ආශි්‍රතව පැයට කි.මී. 100-150ක් පමණ තද සුළං පැවතිය හැක.

• ස්වාභාව ධර්මයේ දරුණුතම කුණාටුව වන ටෝර්නේඩෝවක් ගිගුරුම් වලාවක් ආශි්‍රතවල දවසේ උපරිම උෂ්ණත්වය ලැබුණාට පසුව වර්ධනය වන අතරල සුළං වේගය පැයට කි. මී. 500ක් පමණ විය හැක. විනාඩි 5-10 ක් හා මී. 500ක් පමණ තුල ගේ දොර දේපල වලට දරුණු විනාශයක් කරයි.

• ගිගුරුම් වළාවකින් වැසි නැති වුවත් තද සුළං පැවතිය හැක.

• ගිගුරුම්- කුණාටුවක් සාමාන්‍යයෙන් කි. මී. 15 - 50 ක ප්‍රදේශයක මිනිත්තු 30 -60 ක කාලයක් පවති.

• කිසියම් මොහොතකල ලෝකයේ ගිගුරුම් කුණාටු 1800 ක් (එනම් අවුරුද්දකට මිලියන 16 ක් ) පමණ ඇති වෙයි.

• සෑම අකුණක්ම මාරාන්තික නොවේ.

මේ හැරෙන්නටල මිනිසුන් විවිධ ඉරියව් වල සිටියදී අකුණු පහරට ලක්වී ඇති බවත් අකුණක් ඕනෑම තැනකට (නැවත වුවත්) වැදිය හැකි බවත් අමතක නොකල යුතුය.