Author: hasithahands
•6:02 AM
බුදු හාමුදුරුවෝ දුටුවා වාගෙයි
දුක ඉවසා වැඩ ඉන්න හොදයි.

 මේ පිංතූරය මම ඇදපු එකක් නම් නෙමෙයි.. ලස්සන නිසයි දැම්මේ...
ඇදපු කෙනාට බොහොම පිං....
Author: hasithahands
•5:15 AM
මට මේ විස්තර ටික අපේ මාමා කෙනෙක් දුන්නෙ.
ඔයාටත් වටියි කියල හිතුන.
හැබැයි ඉතින් අද ඊයෙ දෙයක් නම් නෙමෙයි, වර්ෂ 1900 විතර ,
ඒ කාලෙ පාවිච්චි කරපු බෙහෙත් වර්ගයක් ගැන තමා මේ විස්තර ටික.
හෙරෝයින් ඒකාලෙ පොඩි ළමයින්ට කැස්සට හා නිදි බෙහෙත් විදිහට දීල තියෙනවා.
හැබැයි ඉතින් පොඩි උන් මේවා බීලා මොනව උනාද කියලනම් හිතාගන්න අමාරුයි.කොහොම හරි ලෙඩ නම් හොද වෙලා..
කොකේන් සත 15 . 
මේවත් ඉතින් ඉස්සර බෙහෙත් විදිහට දීලා තියෙනව.
දැන් කාලෙ අය නම් මේව පාවිච්චි කරන්නෙ ලෙඩ වලට නෙමෙයි ලෙඩ වැඩිකරගන්න. 
මේ තියන්නෙ කොකේන් වයින් සහ අබින් අරක්කු
ඇල්කොහොල් 46%  අන්තර්ගතයිලු....
                                           පාවිච්චි කරන හැටිත් සදහන් වෙලා තියෙනවා...
Author: hasithahands
•9:45 AM
මටත් මගේ යාලුවෝ කට්ටියටත්  පහුගිය දිනයක හෝටන් තැන්නේ කදවුරු දිනයක් ගත කරන්න අදහසක් ආවා.
වැඩේ නම් ටිකක් අමාරු උනත් හොද අත්දැකීමක් උනා.
 මේ තියන්නේ කදවුරු  බිම අංක 3.
හ්ම්! තැන නරකමත් නෑ නේ?
ගමන ටිකක් අමාරු  උනත් උත්සහය සාර්ථක උනා.
රැය නම් ගොඩක් සීතල උනා. අවැසි සියලුම දේ අරගෙන ගිය නිසා ගොඩක් ලේසි උනා.
සාර්ථක කදවුරක අවසානය. මේ වාඩි වෙලා ඉන්නේ මම.
පා සටහන් පමණක් ඉතිරි කරමින් පිටත් උනා.
ඇත්තටම අපූරු  අත්දැකීමක් වින්දා.
මේ විදියට ලෙයිස්තුවක් තිබුණහම වැඩේ ලේසියි.
Author: hasithahands
•8:12 AM
මේ තියන්නෙ දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගයේ පිංතූර ටිකක්.
දැන් ගොඩක්  වැඩ ඉවර වෙලා වගේ!!!
යන්නත් ආසයි මෙහෙම පාරක!
මේ තියන්නෙ පිවිසුම් මාර්ග.
ලස්සනයි නේ? යාලුවෙක් මේල් නරල එව්වෙ .
ඔයාටත් වටියි කියල හිතුනා.......

Author: hasithahands
•8:52 AM
මේ ඔයා දකින්නේ ලස්සන මල් වෙඩිල්ලක් නම් නෙමෙයි.
 මේ පිංතූර ටික එව්වෙ යාලුවෙක් ඊ ලිපියකින්. 
ඊශ්රායල් පලස්තීන ගැටුම් ගැන අපි අහල තියෙනවනෙ. විශේෂයෙන් බටහිර ඉවුරෙ ගැටුම් ගැන.
 
මේ තමයි සුදු පොස්පරස් වලින් සිදු කරණ පහර දීමක්.
මේ පිංතූර ටික දකිනකොට ඔයාට තේරෙයි මේවා වල දරුණු කම.
මෑතකදී යුධ නීති කැඩීම් ගැන නිතරම අපි අහනවනේ.
මහලොකුවට මානව හිමිකම් ගැන කථා කරණ සංවිධාන මේ ගැන නිහඩ ඇයි?

 
ඔයාලට මතක ඇති කොටි සංවිධානය සතුවත් මේ සුදු පොස්පරස් තිබිල හම්බ උනා.තව ටික කලක් ගියා නම් අපිටත් මේ වගේ පහර දීම් වලට මුහුණ දෙන්න සිදු වෙන්න තිබුණා.
  
මේ අහිංසක දරු පැටව් මොනව දන්නවද?

අපේ රටටම ඇගිල්ල දික් කරණ ජගත් ජනතාව මේ ගැනත් හිතනවනම්..........
Author: hasithahands
•9:19 AM
අදත් ඉතින් මම ඔයාට දෙන්න යන්නෙ ගොඩක් වටින පිංතූර ටිකක්..
මේ තියන්නෙ  පරණ නටබුන් වෙච්ච පුරාවිද්්‍යාත්මක තැන්.
මුලින්ම බලමු..
අපේ දළදා වහන්සේ වැඩ සිටින නුවර මාලිගාව,


මේ තියන්නේ කාලෙකට කලින් ගත්ත එකක්..










දැන් බලමු පොලොන්නරුව වටදා ගෙය කලින් තිබුනෙ කොහොමද කියල......





 කැලේ වැවිල විනාස වෙලා....
 මට මේ විස්තර එවපු සුදර්ශන    අයියට ගොඩක් පිං...




   
 ගල් විහාරය එදා, සහ අද,                                            



ඔයාලට ගොඩක් වටියි කියල හිතුනා.
කලින් දැකල නැත්නම්....






මේ අනුරාධපුරේ කුට්ටම් පොකුණ.
තිබිල තියෙන හැටි දැක්කොත් පුදුම වෙයි.



දැන් තියෙන තත්වෙට ගන්න කොච්චර අමාරුවෙන්න ඇත්ද?

එහෙම නම් ඉස්සර මෙව හදන්න කොච්චර මහන්සි වෙන්න ඇත්ද?



                                               

තවත් පිංතූර ගොඩක් එවල තිබුණා.ඔක්කොම දාන්න අමාරුයි.
මේවා ඔයාටත් ගොඩක් වටිනව නේද?
Author: hasithahands
•9:07 AM
මේ තියන්නෙ 1956 දි දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ඉදිරිපත් කරපු දැන්වීමක්..
ලස්සනම කුමාරිලා තුන්දෙනා හදුන්වා දීම....
සුරක්ශිතව ලාබෙට යන්න දුම්රියෙන් ගමන් කරන්න...

බලන්නකෝ මේකත්. 
අත්භූත ගිනිපෙට්ටියක්. දුම්බොන මහතුන්ගේ මිතුරෙක්ලු....

ගන්නවනම් ගන්න FORD කාර් එකක්...
අශ්වයින් දහයක බලය.
මේකට සමාන වෙන එකක් නෑලු.
බලන්න වටින ඇඩ් ටිකක් නේද?
Author: hasithahands
•6:28 AM
මිනිස් ආත්මය තුල,
නොසිදෙන බලවේගය, 
මවකගේ සෙනෙහසයි.......
Author: hasithahands
•9:46 AM


සිනාසෙන වසන්තයක් තුල,
හඩා වැටෙන ගිම්හානයක් ඇත.
.................................
වංක ලෙස දහසකට ආදරය කර,
සිනාසෙනවාට වඩා, අවංකව
එක් අයෙකුට පමණක් ආදරය කර,
කල්පයක් හැඞීම වටී.........
Author: hasithahands
•9:28 AM

                                           කුහුඹුවනේ.....
                             උඹලාටත්
                             දහවල වෙහෙසකරයි,
                             එනමුත් උඹලා තනි නැහැ.......
Author: hasithahands
•9:06 AM
මේ පිංතූර වල ඉන්නෙ ඇත්ත මිනිස්සු නම් නෙවෙයි.
සෙලෝ ටේප් වලින් හදපු අය කියල කිව්වොත්!  පුදුමයි නේද?
 















බලන්නකෝ මේ ටිකත්. අගය කරන්න වටින නිර්මාණ ටිකක් නේද?
 

එයාගේ රෑපය එයාම හදාගන්නව වගේ !
මේ කුණුගොඩේ ඉන්න බල්ලො ටික හරිම ලස්සනයි නේ.......


 








බලන්නකො ඉතුරු ටිකත්. මට මේ පිංතූර ටික එව්ව 
තාරක සහෝදරයටත් ගොඩක් ස්තූතියි.....
Author: hasithahands
•7:50 AM
                                             සාගරේ තරමට පෙම් බැද..
                              ජීවිතේ වැරදුනා වෙද...
                              අහිමි ඈ දෙස නෙතින් බල බල...
                              දරාගන්නේ කෙලෙස මේ දුක......
Author: hasithahands
•1:32 AM
                                ආදරය.....
                        සෙනෙහසේ උල්පත වුවද,
                        එය පිරී ඇත්තේ,
                        වේදනාවේ කඳුලු බිඳු වලිනි.............
Author: hasithahands
•8:59 AM
      අපිට අපේ සම පොඩ්ඩක් හරි තුවාල උනොත් කොච්චර අමාරුද?
ඒත් මෙයාල නම් පිටේ කැටයම් උනත් කොටනව ලේසියෙන්ම..
බලන්න මේ පිංතූර ටික ....














      

කොහොම හරි අමාරුවෙන් කැටයම කැපුව කියමුකො...


හ්ම්! නරකමත් නෑ නේද වැඩේ...
බලන්නකෝ මේකත් , තුවාලය හොදටම හොද උනාම ලස්සනයි නේ...


ලංකාවටත් ලගදිම එයි. අලුත්ම ටැටූ කලාවක්නේ....
පිංතූර පොතක් වගේ සම තියාගන්න ආස අයට නම් මේක හොද ආරංචියක් වෙයි.
අලුත් කලාත්මක දෙයක් නිසා මේක දැම්මෙ....
ඔයාලට හිතෙන දේත් ලියල යන්න අමතක කරන්න එපා..