Author: hasithahands
•12:53 AM
අපේ යාලුවො කස්ටියට කාලෙකින් කෑම්පින් සයිට් එකක් යන්නත් බැරි උන නිසා 
කොහොම හරි ගමනක් ලෑස්ති කලා.



 ඉතින් කොළඹ වන ජිවී එකෙන් අවසර එහෙම අරන් ගමන පිටත් උනා.
මේ තියන්නේ මහවැලි ගග අංක 2 කදවුරැ බිම.
පලවෙනි දවසේ නැවතුම් පල තමයි මේ. මාස ගනනකින් වැහැල නැහැ.
බීමට වතුර පිටින් අරගෙන ආපු නිසා හොදයි.


කට්ටියම එකතුවෙලා රෑ කෑමට සෙට් වෙන්නයි යන්නෙ.
මේ විදිහට තමා අපිට මහවැලි ගග පේන්නෙ. රෑට නම් අලි එනව බලන්න කියාපු තැන.
  
මෙයාලනම් හැමතැනම. සැරම අලි ඉන්නෙ වස්ගමුවෙ කැලේ කියල තමා ආරංචිය.
අපි යන්න කලින් ගිය වාහන දෙකකට පහරදීලත් තිබුන නිසා පොඩි බයකුත් .....
කොහොම උනත් අමතර ඩීසල් සහ 4 වීල් වාහනයක් අවශයමයි.
මේ වගේ හදිසි ආපදාවකදි යතුරැ උපකරණ අරගෙන යන්නම වෙනව. 
මේ තමා වවුල් ඇබේ සංචාරක නිවහන. ගග අයිනෙ ලස්සන තැනක්...
එදා එහෙ ඉදල  පහුවදා තමයි පිටත් උනේ. ආ මේ ඉන්නෙ අපේ
මග පෙන්වන්නා කරැණාදාස මහතා.
අවසානයේදී අලි වලස්සුන්ගේ අමතක නොවන මතකයන් සමග අපි පා සටහන් පමණක් ඉතිරි කර 
ආපසු පිටත් උනා.... 
මෙවැනි ගමනකට අවැසි උපකරණ ලැයිස්තුවක් සහ 
වනජීවී දෙපාර්තමෙන්තුවේ කදවුරැ බිම් වෙන්කිරීමේ දුරකථන අංක හෝටන් තැන්නේ කදවුරැ බිම 
පෙර ලියූ ලිපියෙන් ලබාගත හැක.
Author: hasithahands
•10:21 AM
මෙය විය නොහැක්කක් නොවේ.
විශේෂයෙන් ලංකාවට යොවුන් නායකත්වයක් අවශ්‍යයි.
සංග ඉන්නවනම් මම පුද්ගලිකවම කැමතියි.
නමුත් සංගට දැන් වයස 34 යි 38 වෙනකම් සංග නයකත්වය දරයිද? 
සනාට නම් තාම 41 යි. 
සංගත් 40 වෙනකන්වත් ගහනව නම් මම  කැමතියි.
නමුත් දෝනි වගේ වයසින් අඩු නායකයෙක් ලංකාවටත් අවශ්‍යයි නේද?
මැතිව්ස් ට තාම අවු:24 යි. තුන් ඉරියව් දක්ෂයෙක් .
ඔයාගෙ අදහසත් දැනගන්න  කැමතියි?