Author: hasithahands
•12:53 AM
අපේ යාලුවො කස්ටියට කාලෙකින් කෑම්පින් සයිට් එකක් යන්නත් බැරි උන නිසා 
කොහොම හරි ගමනක් ලෑස්ති කලා.



 ඉතින් කොළඹ වන ජිවී එකෙන් අවසර එහෙම අරන් ගමන පිටත් උනා.
මේ තියන්නේ මහවැලි ගග අංක 2 කදවුරැ බිම.
පලවෙනි දවසේ නැවතුම් පල තමයි මේ. මාස ගනනකින් වැහැල නැහැ.
බීමට වතුර පිටින් අරගෙන ආපු නිසා හොදයි.


කට්ටියම එකතුවෙලා රෑ කෑමට සෙට් වෙන්නයි යන්නෙ.
මේ විදිහට තමා අපිට මහවැලි ගග පේන්නෙ. රෑට නම් අලි එනව බලන්න කියාපු තැන.
  
මෙයාලනම් හැමතැනම. සැරම අලි ඉන්නෙ වස්ගමුවෙ කැලේ කියල තමා ආරංචිය.
අපි යන්න කලින් ගිය වාහන දෙකකට පහරදීලත් තිබුන නිසා පොඩි බයකුත් .....
කොහොම උනත් අමතර ඩීසල් සහ 4 වීල් වාහනයක් අවශයමයි.
මේ වගේ හදිසි ආපදාවකදි යතුරැ උපකරණ අරගෙන යන්නම වෙනව. 
මේ තමා වවුල් ඇබේ සංචාරක නිවහන. ගග අයිනෙ ලස්සන තැනක්...
එදා එහෙ ඉදල  පහුවදා තමයි පිටත් උනේ. ආ මේ ඉන්නෙ අපේ
මග පෙන්වන්නා කරැණාදාස මහතා.
අවසානයේදී අලි වලස්සුන්ගේ අමතක නොවන මතකයන් සමග අපි පා සටහන් පමණක් ඉතිරි කර 
ආපසු පිටත් උනා.... 
මෙවැනි ගමනකට අවැසි උපකරණ ලැයිස්තුවක් සහ 
වනජීවී දෙපාර්තමෙන්තුවේ කදවුරැ බිම් වෙන්කිරීමේ දුරකථන අංක හෝටන් තැන්නේ කදවුරැ බිම 
පෙර ලියූ ලිපියෙන් ලබාගත හැක.
|
This entry was posted on 12:53 AM and is filed under . You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

6 comments:

On June 22, 2011 at 1:42 AM , නදී said...

ගොඩක් ආස හිතුන.මමත් ආසයි මේවගේ තැන්වලට යන්න.ඔයාල ගොඩක් විනෝද වෙන්න ඇති.

 
On June 22, 2011 at 1:53 AM , වැප් said...

මාත් එකපාරක් ගියා ..රැ හිටියේ එලියේ නවාතැන් පලක ඒ ලඟම

 
On June 22, 2011 at 3:55 AM , Raj said...

හසිත.....
අපිත් ඔයපැත්තේ ගියා නමුත් දැනට අවුරුදු 6 කට විතර උඩදි...
ඇත්තෙන්ම කැම් එකකට කියාපු තැන...
පායන කාලෙට...මහවැලි ගඟේ වතුර අඩුවෙනවා...
එතකොට ගඟ මැදටම වගෙ ඇවිදන් යන්න පුලුවන් බොහොම සුන්දරයි..

 
On June 22, 2011 at 8:24 AM , hasithahands said...

ඇත්තටම ඔව්. නියම ඇත්දැකීමක් විදින්න පුලුවන්. ස්තූතියි නදී,චැප්,රාජ් ඔයාලගෙ අදහස් වලට........

 
On June 22, 2011 at 9:23 AM , රංගික said...

"පා සටහන් පමණක් ඉතිරි කර..."
ඒක හොඳයි!
ඔය වගේ ගමනක් යන එක මගෙ හීනයක්!

 
On December 23, 2011 at 1:26 AM , wag said...

wasgamuwe "hadapan villu", yakkure gawa tiyena....sellipi wagayak gana toraturu hoyanawaa...anee..puluwan kenek udau karannaaa....pl....
wagfriends@gmail.com